Tuesday, April 13, 2010

පීඩාකාරී සුළඟ ට...



















පීඩාකාරී සුළඟ,
තව හයියෙන් හමන්න
මම දරාගෙන ඉන්නම්...
මග එන වසන්තය
ඉක්මනින් ගෙන එන්න
චෙරි කැකුළු පුබුදන්න


10 comments:

  1. ලස්සනයි නිර්මාණය.
    ඔබට සුබ අලුත් අවුරුද්දක් වේවා මිත්‍රයා.

    ReplyDelete
  2. වසන්තය වසන්තය
    ගිම්හානයේ විඳි පීඩා
    අමතක කරවන වසන්තය
    නමුත් අමතක නොකරන්න
    වසන්තය එතරම් සුන්දර වුනේ
    ගිම්හානයේ අසුන්දර බව නිසාමයි බව . . !

    සුබ අලුත් අවුරුද්දක් වේවා . . !!

    ReplyDelete
  3. Raven ට
    ස්තුතියි මචන්...
    ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!

    දුකා ට
    අනිවාර්යෙන්ම....ඒ සාපේක්ෂ බව නැත්නම් ජීවිතේ රසයක් කියල දෙයක් නැතුව යාවි...ස්තුතියි ලස්සන අදහසට..
    සුබ අලුත් අවුරුද්දක් වේවා....!!!

    ReplyDelete
  4. මේ
    පීඩාකාරී සුලගම
    තව මොහොතකින්
    වෙස් පෙරලාන
    තුරුලු වෙයි
    හදවතට

    නෙත්

    ReplyDelete
  5. නෙත් ට
    වෙස් පෙරලා තුරුලු වන්නී
    ගස් පෙරලූ ඒ සුලඟමද?

    අදහස් වෙනුවෙන් හද පිරි තුති....!!!

    ReplyDelete
  6. පදපෙල ලස්සනයි සහෝ....... සුබ අළුත් අවුරුද්දක් වේවා කියල පතනවා ඔබට........

    ReplyDelete
  7. ස්තුතියි විශ්මි... ඔබටත් සුබ අලුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
  8. චෙරි මල් පීපිදේවි
    වසන්තය පැමිණේවි
    එහෙත් එය දකින්නට
    මට පින් මදි වේවි

    ReplyDelete
  9. වසන්තය දකිමි
    චෙරිමල් විඳිමි
    එරබදු මල් සිහිවී
    දුකින් තැවෙමි

    ReplyDelete
  10. ලස්සන කවියක් අක්කේ.... ස්තුතියි...!!!

    ReplyDelete