Saturday, October 23, 2010

මට වෙඩි තියන්න















මට වෙඩි තියන්න,
තුවක්කුව
නළලටම
නැත්නම් පපුවටම
ලංකර
කොකා ගස්සන්න
තිගැස්මක් දැනේනම්
ඇස් පියාගන්න
දෙවරක් නොසිතන්න
කොකා ගස්සන්න
දෝංකාර හඬට
නොරැවටෙන්න
ඔලු කට්ට පුපුරා
මොළය එළියට ඒවී
නැත්නම්
රතු ලේ විලක් විදගෙන
පපුවේ ලේ නහර
දඟ කරාවි
නොතැවෙන්න
නොසැලෙන්න
කිසි හඬක් නොනගා
ඉන්නට තැත් කරන්නම්
ඇස් කොනකිනිදු
නොබලන්න
හැරී ආපසු යන්න
කෙඳිරි නොනගා
ඉන්නට තැත්කරන්නම්
ඒත්
කෙඳිරිල්ලක් නැගුනොත්
ආපසු හැරී
තව එකම එක
වෙඩිල්ලක්
තබා යන්න....


7 comments:

  1. මචං මේ කවියත් වෙඩිල්ලක් වගේ.
    වැදුනා.
    රිදුනා.
    (නොමැරී මැරුණා)

    ReplyDelete
  2. අපිට ෙවඩි පිට ෙවඩි වදිනව තමයි...

    ReplyDelete
  3. ස්තූතියි අදහස් වලට මචංලා...

    ReplyDelete
  4. නුඹ තිබ්බ වෙඩිල්ල
    වැදුන හදවතටම
    දැන් ඉතින් ජීවත් වුනත් මම මැරිල

    ලස්නයි චමිල මල්ලි

    ReplyDelete
  5. මටත් වෙඩි පිට වෙඩි වැදිලා ඉන්නෙ. ඒත් මැරිලා නැහැ. තුවාල විතරයි. ඒක මැරෙනවට වඩා හපන්...
    හිතිවිලි කෙටුවට තෑන්ක්යූ අක්කේ...

    ReplyDelete
  6. වෙඩි පිපිරෙන - මරණය පෙනි පෙනී රවටන
    ලේ ගඳපැතිරෙන විලාපය හිත අවුලන
    හීත හීගඩු පිපෙන අන්ධකාරය පහන් කර
    අරුණාලෝකය මිස කුමට බිම හැර යන මරණය


    - හිතුවක්කාරයා

    ReplyDelete
  7. බිම හැර යනවා හැර
    "කෙසේ අත් පා දිගහැර නිදාගනිම් ද"

    ස්තුතියි හිතුවක්කාරයා ට

    ReplyDelete