Sunday, May 15, 2011

ගිය වාරේ.. මල් වාරේ...

















චෙරි කැකුළු වියන යට
පෙති සැලී
පාවඩය එළලා.
හුලං පොදක් නැති
වළාකුලක් නැති
තරුත් නැති
අහස යට
ගුලිවෙලා...

ගිය වාරේ
මල් වාරේ
කවුරුත් නැති
මල්යායේ
මැද
බංකුවට වෙලා..
බුබුලු සැලෙන
මල්මී ගෙන
අප සිටියා
ඈත
මන්දාකිණියේ
කිමිදිලා...

-------------------------------------------------------
වසරකට පෙර එය මෙසේ ලියැවුණි...


5 comments:

  1. කාලය එක්ක හැමදේම වෙනස් වෙනව..

    හරිම ලස්සන දර්ශණයක්

    ReplyDelete
  2. කාලයත් එක්ක හැමදේම වෙනස් උනත්...හිතයට තියෙන අර මතකය.......

    සුන්දර මතකයන් තුලින් දුක ඉහිරවපු පද ටිකක් චමිල

    ReplyDelete
  3. ``` Outsider``` :
    ස්තූතියි මේ පැත්තෙ ආවට.
    හැමදේම වෙනස් වෙනව කිව්වට පසුතලය එහෙමම තියෙද්දි(නොපෙනෙන ගානට වෙනස් වෙලා) ඉස්සරහ විතරක් වෙනස් වෙද්දි තමයි පොඩ්ඩක් අවුල්...
    ඔය පොටෝ එකනම් යාලුවෙක්ගෙන් හොරකම් කරා. එයාට ගෞරවයක් විදිහට නම ලියන්නන්. Flavia Baratta. ඔය පොටෝ එකේ ඉන්නෙ Dan Mazza. ඇත්තටම ඔතන තමයි තැන. බංකුව නම් වැහිලා තියෙන්නෙ.


    දිල් :

    අප්පා.. දැක්ක කල්. මේ පැත්තෙ ආවට ස්තූතියී.

    මොනව උනත් මේ ලියපු එක ගැන නන් මට සතුටුවෙන්ඩ බෑ. සාමාන්‍යයෙන් මොනව හරි ලියන්නෙ හිතේ තියන දෙයක් එළියට දාගන්න. ගොඩක් ඒවා ලිව්වහම පොඩි සහනයක් වගේ දෙයක් දැනෙනවා 'හිතේ තිබ්බ දේ එලියට දාගත්ත ' කියල. ඒත් මේක ලිව්වට පස්සෙ නන් එහෙම උනේ නෑ. ඒ අතින් මේක අසාර්ථකයි හොඳටම...

    ReplyDelete
  4. කාලයත් එක්ක ජීවිත වෙනස් උනත් අත අරින්න බැරි මතකයන් හින්දා හිත් රිදෙන තරම්

    ReplyDelete
  5. පිණිබිඳු...: ඔව්, අත්හරින්න බැරි සුන්දර මතකයන්... ස්තූතියි !!!

    ReplyDelete