Tuesday, August 9, 2011

කෝපි හලක සිට මළගිය ඇත්තෝ කියවමි.














වකමත්සුවේ *
කෝපි හලක සිට
මළගිය ඇත්තෝ
කියවමි.
සිහින්
සංගීත රාවය මැකී
තෝකියෝවේ
වීදි අතර
තනිවෙමි.
'යේ ලයි ෂ්‍යැං'
කෝපි හලේ
අඳුරු කොණක
නොරිකො සං
මා අබියස...
කෝපි 'උගුර උගුර'
හිස් කරමින්...
'යෝගීන් කියන
අන්‍ය වේද්‍යයන්ගෙන්
කිලිටි නුවූ
නිර්මල ආශ්වාදය'.
ටක් ටක් ටක්
සිහින් අඩි හඬ
හදිසියේ මම
හිස ඔසවා
බලමි.
තරු එළි දෙකක්..
නොරිකො !!!
ඈ මා දෙස බලා
හිස නමා
ලැසි ගමන් ගියා..

(* තෝකියෝවට කිලෝමීටර් තුන්සීයකට දුරින් ඇති කුඩා නගරයක්)

9 comments:

  1. ඒත් ටෝක්යෝවෙ දැන් නොරිකො සං නෑ වගේ...
    කලබල නගරේ කලබලේ අතරෙ නොරිකො සං යන්න ගිහින් ඈතින් ඈතට...

    ReplyDelete
  2. ලස්සනයි චමිල. හැමදාම ඔබ ඉන්න පරිසරය ගැන අපිට චිත්‍රයක් ලබා දෙනව ඔබේ කවි.
    මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදුදා කෘති තුළින් ජපානය සමග අපව සම්බන්ධ කරන්න සරච්චන්ද්‍රට අපූරුවට පුඵවන් වෙලා තියෙනව. ඒක උපරිමයි.

    ReplyDelete
  3. මේක දැක්කම පොත හොයාගෙන කියවන්න හිතුනා සහොදරයා .

    ReplyDelete
  4. චේජනා : ඔව්, මාත් එහෙම හිතනවා. ඉඳල හිටල ටෝකියෝ ගියහම හරියට අතරමං උනා වගේ දැනෙන්නෙ.
    මේ පොත කෝපි බොනගමන් කියවද්දි මම හිතින් ගියේ ඒ කාලේ ටෝකියෝවට.
    කොහොම උනත් සමහර ගෑනු ළමයින්ගෙ ඇතුලෙ නොරිකො සං ගෙ ආත්මය හැන්ගිලා තියනවා කියල හිතෙනව... අපි ඔශින් වල දැක්ක, නොරිකො සං ගැන කියවල මවාගත්ත ඒ ජපන්කම...

    ReplyDelete
  5. ``` Outsider``` : මේ පරිසරය, අත්දැකීම් මීට වඩා බෙදාගන්ඩ කැමතියි. ඒත් ඒකට වෙලාව හරස් වෙනවා. අනිත් එක කෙටියෙන් යමක් ලියන එකට මගේ තියන නොහැකියාව. ඔය උඩින් අදහසක් ලියල තියන චේජනා නම් හරිම රසවත් විදිහට ඒ දේවල බෙදාහදා ගන්නවා. මාත් සෑහෙන්ඩ රස විඳිනවා එයාගෙ බ්ලොග් එක

    ReplyDelete
  6. හිස් අහස : පොත් දෙකම කියවන්ඩ. මම මුලින්ම කියෙව්වෙ 9 වසරෙදි විතර... පුදුම රසයක් වින්දා. දැන් ආපහු කියවද්දි ඒක ගොඩාක් දැනෙනවා. මොකද ඒ කතාවේ කියන ගොඩක් අත්දැකීම් වලට මට සමීප වෙන්ඩ පුලුවන්. අඩු වැඩි වශයෙන් ඒ අත්දැකීම් මාත් විඳිනවා.
    outsider කියල තියනව වගේම සරච්චන්ද්‍ර ශූරීන් කොයිතරම් ජපන් ජීවිතයට කිමිදිලා තියනවද කියල හිතෙද්දි පුදුම හිතෙනවා. මේවත් එක්ක බලද්දි 'කන්දක් සේමා' එහෙම ජපානයට සෑහෙන්ඩ දුරින් තියෙන්නෙ...

    ReplyDelete
  7. හරිම ලස්සනයි චමිල.....මේක උදේ පාන්දර කියෙව්වට කොමෙන්ටුවක් කොටා ගන්න වෙලාවක් තිබ්බේ නෑ ඔෆිස් දිව්ව නිසා....

    මම චමිලගෙ නිසඳැස් වලින් ආසම නිසඳැස මේක කිව්වොත් ...ඒක තමා හරිම දේ.. මොකද්දෝ හිස් කමක් දැනුනා චමිල...හරිම ලස්සනයි...ලකුණු 100%

    ReplyDelete
  8. දිල් : තැන්කූ වේවා !! මටත් මහ හිස්කමක් වගේ දැනුන ඊටපස්සෙ...

    පොඩි අතුරු කතාවකුත්(ඇඩ් එකක්) මතක් වුනා..
    මීට මාස දෙක තුනකට කලින් මට අපේ පළාතේ රේඩියෝ එකේ ලංකාව ගැන කතාකරන්ඩ යන්ඩ සිද්දවුනා. මාව ඉන්ටවිව් කලේ ගෑනු ළමයෙක්. නම නොරිකො !! සතියට විනාඩි 10 ගානෙ සති හතරක් ඒ විදිහට ගිහින් එක එක දේවල් කිව්වා.
    එක දවසක් මම මේ පොත් දෙක ගැනයි, ඔශින් ගැනයි කතාකලා. ප්‍රෝග්‍රෑම් එකට කලින් මේ පොතේ ජපන් ගෑනු ළමයගෙ නම නොරිකො කියල කියන්න මට අමතක උනා. ඒත් ප්‍රෝග්‍රෑම් එක ඔන් එයාර් යද්දි මට ඒක හදිස්සියෙ මතක්වෙලා කියල දැම්මා. ඒ වෙලාවෙ එයා සෑහෙන්ඩ පුදුම උනා. ඒත් ඊට පස්සෙනම් ඒ ගැන මොකුත්ම ඇහුවෙ නෑ.... දවසක ගිහින් මේ පොත එයාට පෙන්නන්ඩ ඕනේ.. :D

    ReplyDelete