Tuesday, February 26, 2013

ෆුකුශිමා





















සඳ රැස් ගලන රැයක
සුදු කඳු මත පතිත
හිම කැට වල පහස
ගෙනදුන්නේ නුඹයි

සකේ විතක රැඳුන
අමා මිහිරි රසය
සමඟ හදට වදින
මුදු උණුසුම නුඹයි

ගේෂාවක වයන
ෂමිසෙන් තත් අතර
දැනී නොදැනී නැගෙන
මධුර ස්වරය නුඹයි

වසන්තයට පිපෙන
සකුරා පෙති සිඹින
සුළඟ සමග එතෙන
සුමුදු සුවඳ නුඹයි

4 comments:

  1. ෆුකුශිමා නගරය බරපතල විදිහට විනාශවෙලා ගියානෙ අර භූමිකම්පාවෙන්.... චමිල ෆුකුශිමා වල ඉඳලා තියනවද?

    ReplyDelete
  2. තිසර,
    ෆුකුශිමා කියන ප්‍රාන්තයේ ප්‍රධාන නගරය තමයි ෆුකුශිමා. භූමි කම්පාවෙන්, සුනාමියෙන්, න්‍යශ්ටික බලාගාර අනතුරෙන් ෆුකුශිමා ප්‍රාන්තයට ලොකු බලපෑමක් ඇතුවුනා. ඒත් ඒ කිසි දෙයකින් ෆුකුශිමාවෙ, ඒකේ ජීවත්වෙන මිනිස්සුන්ගෙ, සුන්දරත්වයට හානියක් වෙලා නෑ. ෆුකුශිමාව කලින් වගේම සකුරා මල් පුබුදනවා, හිම වස්සනවා. මිනිස්සු බිඳුනු සම්බන්ධතා, බිඳුනු බලාපොරොත්තු මත අලුත් සම්බන්ධතා, අලුත් බලාපොරොත්තු ගොඩනන්වනවා.

    මං දැනටත් ඉන්නෙ, දිගටම හිටියෙ, ෆුකුශිමා ප්‍රාන්තයේ, ෆුකුශිමා නගරයට කි.මි 70 දුරින් තියන පොඩි නගරයක. භූමිකම්පාවෙන් පස්සෙ අපේ නගරයෙත්, ෆුකුශිමා නගරය ඇතුලු තවත් බොහෝ තැනවලත් වොලන්ටියර් වැඩ වලට සහභාගිවෙලා ලැබුනු ඇත්දැකීම් ගොඩක් තියනවා. ඒවා ලියාගෙන ආවට අධික වැඩ නිසා අතරමග නතරකරන්ඩ සිද්ධවුනා.ඒත් එකේ වැදගත්ම සිද්ධි ටිකවත් ලියන්න ඕනෙ කොහොමහරි වෙලාවක් හොයාගෙන.

    ස්තූතියි තිසර!

    ReplyDelete